සිතක් බිඳුණු පසු - සෝමසිරි මැදගෙදර

සිතක් බිඳුණු පසු
කොතෙක් කලත් ඔසු
පලක් නොවෙයි ළඳුනේ
ඉතින් තවත් කල්
රැඳී පලක් නෑ
ඔබ මගේ සෙවනේ....//

බිඳෙන බඳුන් සේ
සුරකිනු බැරිනම්
විස්වාසය සැමදා...//
සිතින් දුරස් වී
ඉමු අපි දෙන්නා
දුක උහුලනු බැරිදා....

සිතක් බිඳුණු...

ඔබ මට මට ඔබ
තේරුම් ගන්නට
නොහැකී නම් කිසිදා //
මගෙම අඳුරු ලොව
තනිවෙන්නම් මා
ඔබට සැපක් වෙන දා

සිතක් බිඳුණු....

No comments:

Post a Comment