සෙනෙහස දෙවොලකි - සෝමසිරි මැදගෙදර

සෙනෙහස දෙවොලකි පුදනු හැකි
ඔබ නමටයි ඒ දෙවොල හිමි
ආයාචනයට මසිත ගැයූ
ඔබෙ දෙසවන් ඇයි අගුළු වැටී
සෙනෙහස දෙවොලකි පුදනු හැකි
ඔබ නමටයි ඒ දෙවොල හිමි....

සුසුමට කඳුලට ලෙන්ගතු වී
සැනසෙන්නද මා කෙලෙස යළි //
ආදරයට හිමි කඳුලු බිඳු
සාගරයට මුසු වේද මතු

සෙනෙහස දෙවොලකි.....

සසරින් සසරට එකට බැඳී
මෙතුවක් ආ මග අද නැවතී //
ජීවිතයම එක රැයක දුටු
සිහිනෙකි ප්‍රේමය බිඳුනු පසු

සෙනෙහස දෙවොලක...

No comments:

Post a Comment