ඔබ පාවී ගියා - කවීෂ කවිරාජ්

ඔබ පාවී ගියා දුර ඈතකට
මා සසැලී තියා වරු ගානකට
සැඟවෙන්නෙ නෑ තරු දෑස
ඔබ ඒදෝ සොයා මගෙ හීනෙකට..

මතක මවන්නේ රැයේ හීන යායේ
දුක දන්නෙ නෑ ඈ මා සිතේ..//
නෙතු ගාවින් තියා රුව මොහොතකට
ඔබ සැඟවී ගියා වෙන හීනෙකට..

සිතද නොදන්නේ මැවී ඈව ආයේ
ඔබ දන්නෙ නෑ මගේ ආදරේ...//
ඔබ ඒවී සිතා ලඟ පාතකට
මා නැවතී බලා ඉමි ආ මඟම
සැගවෙන්නෙ නෑ තරු දෑස
ඔබ ඒදෝ සොයා මාගේ සිහිනෙකට...

ඔබ පාවී ගියා....//

No comments:

Post a Comment