රන් තාරකාවන් - ජගත් විත්‍රමසිංහ

රන් තාරකාවන් දිලෙන රැයේ
සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ලංවෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලී...//

මා දෙනෙත අඩ අදුරෙ රඳවා තියා
සඳවතිය පාවී ගියා...//
පිළිගන්න පුළුවන්ද සඳ දෙව්දුවක්
මේ හැටිම නපුරුයි කියා
මේ හැටිම නපුරුයි කියා...


රන් තාරකාවන්....

මා උන්නෙ දොර කවුළු හැරදා තියා
ඔබෙ සුවඳ ඒ යැයි සිතා...//
නිදි නොමැති නෙත් අගට කදුලක් තියා
මුළු රෑම ගෙවිලා ගියා
මුළු රෑම ගෙවිලා ගියා..

රන් තාරකාවන්....

No comments:

Post a Comment