සුදු මුතු රලපෙල - ටී.එම්. ජයරත්න, නීලා වික්‍රමසිංහ

සුදු මුතු රලපෙල කිදුරු කොදෙව්වේ
පාවඩ පලස එලා
සිදු ලද ගෙන දුන් මුතු කැකුලක් සේ
ඔබ මට තිලිණ වෙලා....//

යුග දිවි වෑල්ලේ අදුරු ඉසව්වේ
මුකුලිත සිතෑගී සලා
අරුණෑල්ලක් සේ නුබ මිණ පායා
සනහස ජනිත කලා....

සුදු මුතු රලපෙල....

සැඩ රැළ රැල්ලේ සැලෙන කැදැල්ලේ
රැදුනෙමි සරණ සොයා
පවනැල්ලක් සේ
පවනැල්ලක් සේ නොම හැර ආවෙමි
ඔබ හද සැදෙනතුරා....

සුදු මුතු රලපෙල...

No comments:

Post a Comment