දඟකාර ඔය දෑස - සනත් නන්දසිරි

දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසල් වියේ
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා..//

උදයේ හවා ඔබ හමු වී එදා
දෙඩුවා බැඳීලා සෙනේ..//
දෙකොපුල් විලේ හසරැල් පිපී
සතුටින්ම කල් යා වුණා...

දඟකාර ඔය දෑස...

සසරේ සදා අප බැඳෙමුයි පතා
වැඩුණා හදේහී සෙනේ..//
නිලුපුල් නෙතේ හසරැල් මැකී
කඳුලින්ම වෙන් වී ගියා

දඟකාර ඔය දෑස...

No comments:

Post a Comment