පන්ති නැති ඉස්කෝලේ - සමන් ලෙනින්

පන්ති නැති ඉස්කෝලේ බිඳලා
ජීවිතේ ගැන එපා ටියුෂන්
හෝඩියට ආදරේ අරගෙන
ආයෙමත් එනවාද දුයිෂෙන්....


ගුරුතුමනි ඔබ නොඑන දවසක
වෘක රෑනක් ඇවිත් මෙබිමට
වසන්තය ගෙන ගියා ගොදුරට
ඔබේ ආදර පුංචි සිසුවිය
බළල් පැටියා තුරුළු කරගෙන
අඬනවා හැමදාම හවසට
අඬනවා හැමදාම හවසට...


අගේ හිත කියවන්න දන්නේ
ඔබම පමණයි ගුරුතුමාණෙනි
හෝඩියම දන් නැති උනත් ඔබ..//


සැදෑ සුළගේ සැලී වැළපෙන
අතක පොප්ලර් තුරක ශෝකය
කවුරු නම් හඳුනයිද ඔබ මිස
මේ මහා තණබිමේ සැඟවුණ
ඔබේ උත්තම නොකී ප්‍රේමය
සසල කරවයි ලොවේ හදවත...


හිම කුණාටුව දෙබෑ කරගෙන
අශ්වයා නැති නම් පයින්වත්
සහතිකයි ඔබ නැවත එන වග..///


පන්ති නැති ඉස්කෝලේ....

No comments:

Post a Comment