මම මවා ගනිමි - අසංක ප්‍රියමන්ත පීරීස්

මම මවා ගනිමි ඔබෙ සිනා සපිරි රුව
හදේ කොනක රඟ දෙන්න ඔහේ
ඉඟිපපා සිනාවෙන විටයි අගේ
සරසන්න එලෙස ජීවිතේ මගේ...//

යුග ගනන් බැඳී ආ ලෙසට දැනේ
අප ඇසුර වැඩූ ටික කලට මෙසේ...//
බල බිඳිනු නොහැකි සිත් පවුර තනා ගමු
සෙනෙහෙ නමින් අපි දෙසිත ඉමේ.....

මම මවා ගනිමි.....

නැඟිටුවා දිරිය දෙන හැඟුම ඔබයි
මම සිතනෙමි ඔබ ගැන දිවා රැයේ...//
සිරිකතක් ලෙසින් සිරි ඉතිරි වතින් ඔබ
බැඳෙන පැතුම් සරු කරන් ලියේ....

මම මවා ගනිමි.....



mp3 ලින්කුව මෙතනින්

No comments:

Post a Comment