මන්දාරම් අඳුර මැදින් - ක්‍රිෂාන්ත එරන්දක

මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියානම්...//

තනියමව​ත් යන්නට මදි
කුඩේ යටින් ඔබේ ලඟින්..//
නොතෙමී තෙමි තෙමි සතුටින්
යන්නට තිබුනා...///

මන්දාරම් අඳුර මැදින්....

මඟ යන එන අයට හොරෙන්
ඔබෙ දෑසට එබී බලා..//
කොපුලේ වැහි බිඳුවක රස
බලන්න තිබුනා...///

මන්දාරම් අඳුර මැදින්....

No comments:

Post a Comment