ඔබ දැන් කීවත් - මිල්ටන් මල්ලවආරච්චි

ඔබ දැන් කීවත් කඳුළු සලා
මට ආදරෙයි කියා
හිත ගිය තැනකට තුරුළු වෙලා
මැණිකේ නොවෙනු මුලා....

ඉස්සර වාගේ අත්වැල් බැඳගෙන
යන්නද කතා කලේ
දෙදෙනෙකු දෑතින් අල්ලා ගන්නට
එකවර නොහැක ලොවේ...

ඔබ දැන් කීවත්...

ලස්සන මල් පෙති දෑතක පොඩිවුන
සුළඟේ විසිරෙනවා
මැණිකෙගෙ ආදර සුමිහිර ගිලිහුන
මගෙ හද නෙරපනවා...

ඔබ දැන් කීවත්...



ගායනය - මිල්ටන් මල්ලවාරච්චි

No comments:

Post a Comment