මලක් වුනේ ඇයි - අමරසිරි පීරිස්

මලක් වුනේ ඇයි නුබ මට
ජීවිතයට සුවද සලන
එනමුදු සිප ගන්නට තහනම්
විලක් වුනේ ඈයි නුබ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්....

පහන් තාරකාවක් සේ
ජීවිතයට මග කීවද
ඒ එලියෙන් මහද පවන්
දල්වනු කෙලෙස...
කියන්න...

මලක් වුනේ ඇයි....

සහන් ගීතිකාවක් සේ
ජීවිතයේ ගිම් නිවුවද
ඒ ගීයේ සොදුරු වදන්
මුමුණනු කෙලෙසින්..
කියන්න....

මලක් වුනේ ඇයි....


mp3 ලින්කුව මෙතනින්

No comments:

Post a Comment