සඳයි තරුයි - සෝමසිරි මැදගෙදර

සඳයි තරුයි නිසංසලේ
අහස ගොලුවෙලා
ඔබයි මමයි දෙමන්සලේ
දෙතැන තනිවෙලා...//

මල්යායේ බඹරු නටයි ලොවම ලස්සනයි
සිත් දෑලෙ සිතුම් පෙලයි සිහින ලෝකයයි...//
බිඟු නාදේ මධු වෑහේ එකම ගීතයයි
මා දන්නේ ඔබ පමණයි එයම සිහිනයයි...

සඳයි තරුයි...//

කඳු යායේ බොඳ මීදුම් සළු රටා දිගේ
දසුන් මැවේ මායාවකි එයද මට අගේ...//
හමුවූයේ වෙන්වන්නද හද සුසුම් නැගේ
වෙන්වූයේ හමුවන්නද යලි සසර මගේ...

සඳයි තරුයි...//

No comments:

Post a Comment