එදා වාගේ අදත් - සෝමතිලක ජයමහ

එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා
මල් පිපුනු ගහ ගාව තවම ඉඩ තියෙනවා
නුඹ මගේ ලගින් නෑති අඩුව මට දෑනෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා...

දුක පිරුනු මගෙ හිත නුඹ හොදට දන්නවා
හිත හදපු නුබේ හඩ මගෙ සවන් සොයනවා
නුඹ නිසා පැමිනි දුක පැණීරසයි සිතෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා...

අනාගත වාලුකා කතර මැද තනි වෙලා
කෙසේ පා ඔසවමිද සා පවස විඳ දරා
පුර පසෙක නොවී නුඹ අවපසෙක සඳ උනා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා...


එදා වාගේ අදත්...

No comments:

Post a Comment