සිත ඔබට මුවා - නිරෝෂා විරාජිනී

සිත ඔබට මුවා වී ඉකි බිඳිනා
ඔබ ඇය හා සිනාසී සුව විඳිනා
ප්‍රේම ලොවේ දොර කවුළු වැසී
සිත ඉකිගසමින් හඬන හැටී
සිත පෙමට මුලාවූ දා ඉඳලා...

සිත ඉවසන්නෑ කොපමන සිතුවත්
දුක අඩුවී නෑ කොපමන හැඬුවත්
ඔබ පෙම්කර නෑ මා පෙම් කෙරුවත්
සිත පෙමට මුලා වූ දා ඉඳලා...
සිත ඔබට මුවා වී...

සිත පිළිගන්නෑ ඔබ ඇගේ කීවත්
දුක අඩුවක් නෑ ඔබ හමුවූවත්
ඔබ සමුගෙන නෑ ඇය සැනසූවත්
ඔබ ඇයට ළඟාවූ දා ඉඳලා...

සිත ඔබට මුවා වී...

No comments:

Post a Comment