සමුගන්න මොහොතකට - බන්ධුල විජේවීර

සමුගන්න මොහොතකට
පෙර එකවතාවක්
හිනැහෙන්න පෙරදා වගේ
මුමුණන්න වදනක්
පෙර සේම ලං වී
මිය ඇදෙන මතකය වගේ...

තුරු සෙවනේ මල් අතරේ
වැලපෙන කතාවක්
මද සුලගේ පාවී ගියේ
සුසුමකට ලංවෙන්න
කඳුලක රිදුම් දෙන්න
ඇයි ආදරෙන් හමුවුනේ
ඇයි ආදරෙන් හමුවුනේ...
සමුගන්න මොහොතකට....

අවසන්ව යන මතක
හද වේදනාවෙන්ම
සතපන්න ළය මත මගේ
දිවි මං තලාවේ
මා පරදාවාලන්න
ඔබ කිමද මට පෙම් කලේ
ඔබ කිමද මට පෙම් කලේ....

සමුගන්න මොහොතකට....

No comments:

Post a Comment