කල් බලා ඇවිත් - රොහාන් ශාන්ත බුලේගොඩ

කල් බලා ඇවිත් තව්තිසා දෙසින්
ගම්දොරේ මගේ පොඩි විමානයේ
උන් සරා සඳත් අද අගේ නොවෙයි
නුඹ අරා සිටියි දිවි නිශාතලේ....//


උණු දියෙන් තවා ගත ගිමන් නිවා
සුව බොජුන් තනා ළඟ රැඳෙන්නියේ
එන බොහෝ විකල් අන විනෙන් මුදා
සිත් පහන් ගිරේ හිරු මවන්නියේ....

කල් බලා ඇවිත්...

නොකරනා පුතුට අකුරු ඇල්මෙනා
ශිල්පයේ අරුම පහදවන්නියේ
ගුරු තරුව වගේ දිවි ගමන් තලේ
මරු කපොලු දුරැර මා රකින්නියේ...

කල් බලා ඇවිත්...


mp3 ලින්කුව මෙතනින්

No comments:

Post a Comment