මගේ දුවේ ඔබ - කරුනාරත්න දිවුල්ගනේ

මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් ඔබට මයි...

සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැඳි වෙලාවයි
මේ පොළොව ක‍ෙතරම් සුන්දරද
මගෙ දූ තනියම හිනාවෙයි...

මගේ දුවේ ඔබ...

ඝන කලුවරට අප පෙම් කළොත්
ඉර හඳ තරුවලට ණය ගැතියි
ලොව දුන්න දේවල් අද අපට
හෙට ලොවට පෙරළා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරේ නම්
මුලු ලොවම ඔබටත් ආදරෙයි....

මගේ දුවේ ඔබ...


mp3 ලින්කුව මෙතනින්

No comments:

Post a Comment