වියෝ වූ පසුවයි - සුනිල් එදිරිසිංහ

වියෝ වූ පසුවයි දැනෙන්නේ 
ප්‍රේමයේ අභිමන්
හැඩූ දා කඳුළයි දකින්නේ 
සිනාවේ සරදම්...//

ඉවුරු දෑලේ හිඳ බැලූ විට 
ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම 
බිහිසුණුයි චණ්ඩයි...

වියෝ වූ පසුවයි...

හඳක් නැතිදා අහස් තලයට 
තරුව දෙයි සැනසුම්
පුන් පොහෝ දා එවන් තරුවම 
ලබන්නේ ගැරහුම්...

වියෝ වූ පසුවයි...


mp3 ලින්කුව මෙතනින්

No comments:

Post a Comment