සිත ඔබ පාමුල - දීපීකා ප්‍රියදර්ශනී පිරීස්

සිත ඔබ පාමුල රඳවා
බිදි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝතැවුල් නොම වේවා...//

අසුරු සැනක් වූ රුසිරු අතීතය
සිහිනෙන් ගෑ මුදු සුවදක් සේ..//
සදා රැදේවා 

ඔබේ ලොවේ...

සිත ඔබ පාමුල රඳවා.....

ඔබට පිදුම් වූ සිතක විරාගය
කැටපත් පවුරක ගීයක් සේ...//
සදා රැදේවා 

ඔබේ හදේ...

සිත ඔබ පාමුල රඳවා.....




mp3 ලින්කුව මෙතනින්

No comments:

Post a Comment