සරාගයේ - සනුක වික්‍රමසිංහ

නියරටා මවනවා 
අප අත‍රේ වූ කතා 
රැය පුරා උණුහුමේ මල් පෙති තලා
සයනයක් නිදනවා මේ රැය අපගේ වූ නිසා
ආදරෙන් නග්න වූ හිමිකම් සොයා 
උණුසුම් උදයක සුවදින් ගත පිබිදී ගියා
ඔබේ නම සොයනව තාමත් නියසිතුවම් පුරා

සරාගයේ රැයේ.... පිනි බිදුවක් වී වැටී....
මා සිතේ හිඩැසක් මවා 
යහන්තලේ වැතිරී අද තනිකම ඉතුරු වී
සඳ ඇතිරිල්ලෙන් වෙලී තනි වුනා

කාමරේ මුලු පුරා නෙක සළු පිළි තනි වෙලා
මා සිතින් හධනවා දෙස බල බලා 
මන් මුලා වූ සිතින් මා මල් සුවඳක් විදිනවා
නැතීමත් අති රුවක් හා මා වෙලී 
උණුසුම් උදයක සුවදින් ගත පිබිදී ගියා
ඔබේ නම සොයනව තාමත් නියසිතුවම් පුරා

සරාගයේ රැයේ.... පිනි බිදුවක් වී වැටී....
මා සිතේ හිඩැසක් මවා 
යහන්තලේ වැතිරී අද තනිකම ඉතුරු වී
සඳ ඇතිරිල්ලෙන් වෙලී තනි වුනා///


No comments:

Post a Comment