හීන හොයාගෙන - දමිත් හපන්ගම

හීන හොයාගෙන පියමන් කල මග 
කටු ආනුනා යටි පතුලේ 
කීරි ගැහෙන එක නොකී කතාවක් 
ඉකිබින්දා හිත ඇතුලේ....//

දූලි සුළන් මැද ගිනියම් නගරේ 
අවිලිනු මගෙ සිත සිතුවිලි පොදියට 
මගෙන්ම හිමිකල මගේ ලොවක් ගැන 
[[හීන මැවූ බව දන්නේ කවුරුන්දෝ]] 

කඳුළු ගලා නෙත් කෙවෙනි අගින් ගිය 
අතීතයක සරදම් කල මතකය 
ගෙවා දමා අද හිනා උනත් හෙට 
[[පමා වැඩි බව දන්නේ කවුරුන්දෝ]]

හීන හොයාගෙන පියමන් කල මග 
කටු ආනුනා යටි පතුලේ 
කීරි ගැහෙන එක නොකී කතාවක් 
ඉකිබින්දා හිත ඇතුලේ...

No comments:

Post a Comment