හිත අස්සට හීන ගොඩක් - අතුල අධිකාරි

හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න 
ඔය ඇස් දෙක අමතක කර හිදින්නෙ කොහොම 
සුළග වගේ මා අත හැර දුරක යන්නට
වරද මගේ රත්තරනේ කියලා දෙන්න

කදුළක් කදුළක් ගානේ පෙම සිහිකරලා 
සුසුමක් ගානේ හදවත දුක්ගිණි අවුලා 
අමතක කර ලන්නට බෑ මටනම් කිසිදා 
ආදරේ කියාදුන්නු ආදරී ඔයා 

හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න 
ඔය ඇස් දෙක අමතක කර හිදින්නෙ කොහොම 
සුළග වගේ මා අත හැර දුරක යන්නට
වරද මගේ රත්තරනේ කියලා දෙන්න

දැවුනත් දැවුනත් මිය ගිය පෙම සිහිකරලා 
සුවදක් වත් නෑ මතකයෙ අදනම් රැදිලා 
අමතක කර ලන්නට බෑ මටනම් කිසිදා 
ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා 

හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න 
ඔය ඇස් දෙක අමතක කර හිදින්නෙ කොහොම 
සුළග වගේ මා අත හැර දුරක යන්නට
වරද මගේ රත්තරනේ කියලා දෙන්න

mp3 ලින්කුව මෙතනින් 

No comments:

Post a Comment