සමනල පාලම උඩ - ක්‍රීෂෘන්ත එරන්දක

සමනල පාලම උඩ ගාලු පුරවරේ..
නලියන කරදිය හුලගේ..
අවනත නැති මුහුලට
ටිකක් දග කරන්න දෙන්න
හීතල කොපුල ඔබේ..
හීතල කොපුල ඔබේ මගේ උරහිසේ තියාන
කොටු පවුර වගේ ඉදිමු නොසෙල්වී
ලොවම බලා සිටියාවේ....

ගෙවුනු තුරුණු විය අමතක කල මේ නුවරුන්
අපේ සොදුරු නිමේෂයට කරනා ගැරහුම්
අදුරට ලොව දියවේවී අප නෑ තනිවී
කවියක් වගේ ආදරේ...

සමනල පාලම...

ප්‍රේමයේ නමින් ලොව හෙලු කදුළු එක්වෙවී
සයුරු රළ ලෙසින් වෙරළට ග‍යනා සෝ ගී
අවනඩු කාට කියන්නේ අපි ඉගිල යමු
නිල් ඇස් සොයා ආදරේ....

සමනල පාලම....

No comments:

Post a Comment