නිලුපුලේ නිල දෙන්න - ක්‍රීෂාන්ත එරන්දක


නිලුපුලේ නිල දෙන්න මට
මම කඩුපුලක් පුබුදුවමි දවාලක
දොලේ දොලදුක කෙළවර කළ හැක
කඳුල මිදුලෙ වළලන දවසක
සෙනෙහසේ රස මවා ගන්න මට
උරහිසේ හිස තියාගන්න ඔබ...

 

විලේ විල් දිය රැළේ රැලි පිට
හිතේ සිතිවිලි පාවෙන්නට හැර 

ඔබේ සුසුමේ මුසුවෙන්නට මට 
ගහක් ගලක් සේ නොසැලී ඉනු මැන
හෙවනක හෙවනැලි ගලපන දවසක....


නිලුපුලේ නිල....
 

මලක මල් වර මිහිර උරා බොන
කැලේ කොලේ බමරුන්ගේ වද විඳ
මලේ මළගම සිදුවන්නට පෙර
වදුළේ අයිතිය බාර දෙන්න මට 

කරදර දර වැට ගලවන දවසක....

නිලුපුලේ නිල....



No comments:

Post a Comment