ජීවිතය ඔබෙන් - දයාන් විතාරණ

ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිප 
ලඟම තබාගෙන මුතු කැටයක් ලෙස 
මී ගුලකින් රිංගන තරු එළියක් ලෙස 
මිහිර විඳින්නම් ලඳුනි සදාදර.. 

කාලයක අයාලේ පාවී ගිය සිත 
ලැගුම් සොයයි උණුසුමින් කැදැල්ලක 
ආදරය තරම් සුවයක් මිහි මත නැත 
කියා ගයයි දුර ඉඳන් ලිහිණියක.. 

ජීවිතය ඔබෙන්...

සාගරය තුරුල්ලේ යාවි ගං දිය 
විඩා නිවයි සිඳු රළින් හැඟුම්බර 
ස්නේහයට උපන් කවියක් කැට තලයක 
ලියා තබමි නුඹ නමින් සදාතන.. 

ජීවිතය ඔබෙන්...

No comments:

Post a Comment