නෙතේ කඳුලු නෑ - සචිත්‍ර මධුසංඛ

නෙතේ කඳුලු නෑ
සිතේ සුසුම් නෑ
නුඹේ නපුරු සිත ලැබී පලක් නෑ...

පිපාසයට දිය නැතිනම් කිමදෝ
ගිමන් නොනිමනා සිහිල පලක්දෝ
අඳුරු ‍රැයේ නැති පහනක් කිමදෝ
සිතට සුවක් නැති සිතක් කුමටදෝ
සිතට සුවක් නැති සිතක් කුමටදෝ....
නෙතේ කඳුලු නෑ....

කතරට සුවඳැති මලින් පලක් නෑ
දිය බිඳු මිස මිරිඟුවින් පලක් නෑ
‍රැයට සඳු මිසක් හිරුගෙන් පල නෑ
නුඹෙ සිත අහිතෙන් සෙනෙහෙ පලක් නෑ
නුඹෙ සිත අහිතෙන් සෙනෙහෙ පලක් නෑ....

2 comments:

  1. අහපු මුල් වෙලාවෙ ඉඳල සිත් ගත් සින්දුවක්...

    ReplyDelete
  2. එකෙන්ම.... උඹ කියල‍ා තමයි මාත් ඇහුවේ...

    ReplyDelete