මා සමගින් - ජගත් විත්‍රමසිංහ

මා සමගින් ගිය පාරේ
ඔහු හා අත් බැදීලා
ඔබ හෙට යාවී
අපේ සැමරුම් මතකේ සිතුවම් 
සිත ලග තනි කරලා...//

අපේ කතාවන් එදා අසා සිටි 
අපට සෙවන දුන් අපට සිසිල දුන්
ගහකොල සුලගට ඔබ දෙදෙනා දැක 
හරිම දුක හිතේවී
මා සමගින් ඔබ ගිය ඒ පාරේ
මින්පසු කිසිදින නොයනු මැනවි ප්‍රියාවි....

මා සමගින්....

මගේ ලයේ දුක විඩා දරාගෙන
මට පමණක් හෙට එතනට යන්නට
අවසර දෙනවද ඔබ ඔහු හා එහි 
නොයනු මැන දයාවී
මා ඉන්නම් එහි මගේ මේ දෑසේ
කදුලැලි නැගෙනා අරුත ගැන කියාදී....

මා සමගින්....





No comments:

Post a Comment