දෙතොල් තෙලිතුඩෙන් - සුරේන්ද්‍ර පෙරේරා

දෙතොල් තෙලිතුඩෙන් රස හැඟුම් තවරලා
කොපුල් තල දිගේ හෙමින් අතුරලා
මෙ ලයට තුරුලු වී හිතේ ඉඩ අරන්
පෙම් සිතුවමක්‌ මැවු සුපෙම් සිත්තරී
නුවන් කැල්මකින් නුරා වර්ණ දී
ජීවිතේ කලා අසපුවක්‌ කෙරූ සොඳුරී.......

රෑ දවසේ නොමැකී
ලා සඳ සේ සැප දී
රෑ මියෙනා මොහොතේ
ආයේ හිරු සේ ඇවිදින්
නුවන් කැල්මකින් නුරා වර්ණ දී
ජීවිතේ කලා අසපුවක්‌ කෙරූ සොඳුරී.....


පාලු යහන් පෙරලා
සෝ සුසුමන් පලවා
මා යනෙනා කොතැනේ
හුස්‌මක්‌ සේ ඇවිදින්
නුවන් කැල්මකින් නුරා වර්ණ දී
ජීවිතේ කලා අසපුවක්‌ කෙරූ සොඳුරී.....


දෙතොල් තෙලිතුඩෙන්....

No comments:

Post a Comment