හිතුමතේ පාවෙනා - රොමේෂ් සුගතපාල

මා දෙස නෙත් නොපියා බලාපූ
හෙමිහිට බලපොරොත්තු ගෙනාපූ
වැඩිපුර මාත් එක්ක නොආපූ
මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපූ

ඔබ තවමත් ඇය තමයි  ///
මගෙ හිත හදාපූ

හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ
ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ//

පපුවට තුරුලු වී හිඳ හඩාපූ
ලංවී තොඳොල් බස් මට දොඩපූ
හිත ලඟ හීනෙන් නිදි වරාපූ
සිහිනෙක සැබෑ සුවය මට ගෙනාපූ

මට තවමත් සුවඳ දෙයි///
මලකින් හමාපූ

හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ
ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ//

No comments:

Post a Comment