රෑට මං සිහිනෙන් ඇවිදින් - රොමේෂ් සුගතපාල

රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
ආදරේ දෝතින් ගෙනවිත් ඔබහට පුදන්නම්
නින්දේම සැමදා ඉන්නම් ඔබ ලඟ හිඳී නම්
පාට ගෑ හීනයේ දෙතොල් මං සිඹින්නම්

රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
ආදරේ දෝතින් ගෙනවිත් ඔබහට පුදන්නම්

මේ ප්‍රේම පාරේ පියමැන්නෙ අපි දෙන්නා
සිහිවී සදා දී ඔය තුරුලෙ මං උන්නා
රෑ මල් නෙලාලා වරලේ ගසාලා
නිල් අහසෙ ඔබ එක්ක පියඹා ගියා මං

රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
ආදරේ දෝතින් ගෙනවිත් ඔබහට පුදන්නම්

පිපිපාන යාමේ මල් යායෙ රොන් ගන්නා
බඹරා ඔයා නම් මල වාගෙ මම ඉන්නම්
මේ පෙම් කතාවේ බඹරිඳු තමා මං
මේ යායෙ පෙම් කුසුම සැමදා මගේ නම්

රෑට මං.....

1 comment: