කැමීලියා මල් සුවඳට - කිත්සිරි ජයසේකර

කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත් පා තිය තිය..//
මගේ කුටියේ කවුළුදොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා....

සකුණ ගීය සැඟවී යන
පළා පැහැයෙ අළු තවරා...//
සැන්දෑ අඳුර ගේන පවන වගේ සියුම් සරින්
ඈත එපිටින් හදට වඩින්
සින්ඩරෙල්ලා....

කැමීලියා මල් . . .

සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා...//
ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලෙන් අතුරා
යන්න ගියේ බිය හිතිලද
සින්ඩරෙල්ලා
...

No comments:

Post a Comment