ගිණි මලක් - කිත්සිරි ජයසේකර

ගිණි මලක් පිපුනාය දොරකඩ
වරක් නොව තව වතාවක්
සඳක් සේ දිළිසුනා පුරපස
පිපුණි දොරකඩ රන් මලක්...//

මදහසක් දිළිසීය මුව අග
නිමේෂයකට අඩ ඉමක් ඇඳ
නමුදු ඒ හස කඩා කඩඉම්
ගෙන ගියා අප අනන්තය වෙත
ගෙන ගියා අප අනන්තය වෙත...

ගිණි මලක්....

දුටිමු අප ඇගෙ ඇසි පියන් යට
දෙසිත් කැළඹු නිල් උපුල් යුග
දැවි දැවී සැනසුනා අප සිත්
තැබී ඈ තව පියවරක් දුර
තැබී ඈ තව පියවරක් දුර....

ගිණි මලක්.... 

No comments:

Post a Comment