රන් මලක් ලෙස - සුනිල් එදිරිසිංහ

රන් මලක් ලෙස දෙව් බබුන් දෝතින් පිදූ මේ පින් බිමේ
පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ
නෙත් පුරා එක හීනයෙ මුළු ලෝකයා නිදනා රෑයේ
දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වී තියේ.....

ලෙහි හොවා වැඩු සිය පුතුන් අත අවි දාර වැද රණ මතින්
පෑ විකුම් දැක දෑ බැතින් මිස අත් මුදුන් දෙති පිය වරුන්
මව් බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කල ඒ පුතුන්
තුන් හෙළෙ හැම මව්වරුන් ලය කිරි එරී ඇත උන් නමින්....

රන් මලක් ලෙස...

මව් කුසින් නොව මිහි කුසින් සිරි ලක උපන් විරු දරුවනේ
අපි ඔබෙන් නව පන ලබා මෙහි යලි උපන්නෙමු අද දිනේ
නෑසියන් සොයුරන් ඔබෙ අද දූ පුතුන් හැම මේ බිමේ
හදවතින් අපි යුධ බිමෙහි ඔබ තනි කලේ නැත කිසි දිනේ

හදවතින් අපි යුධ බිමෙහි ඔබ තනි කලේ නැත කිසි දිනේ...///

No comments:

Post a Comment