ආයෙත් හඬන්න - තීක්ෂණ අනුරාධ

ආයෙත් හඬන්න කඳුලක් උනන්න ඇයි අපි මේ හමුවන්නේ 
හිමි නැති ඔයාව හිත යට තියාන දුක් විදලයි හිත හැදුවේ 
ඔබ හිනැහෙන්න ඔබේ රජ දහනේ මං තාමත් මගේ තනි හීනේ 
දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ ඒකයි මං ඔබෙන් වෙන් වෙන්නේ...

ආඩම්බර රුව දැකලා සිත අයෙත් උමතුවෙලා 
සඟවන්නට බෑ කිසිදා පුංචි පෙම්වත් කථා 
අපේම ලොවේදි අපි මුන ගැසේවී සිතමින් පෙම්කරලා 
ඔබ දුර ඇදේවී මං ඉකි බිඳීවි අපි ඈතයි සැමදා...   

ආයෙත් හඬන්න... 

සදාතනික පෙම පතලා තනිකඩ සිත මුලා වෙලා 
ඇති නැති දුර දුරක තියා සත්තමයි පෙම් කළා 
අපේම ලොවේදි අපි මුණ ගැසේවි සිතමින් පෙම් කරලා 
ඔබ දුර ඇදේවී මං ඉකි බිඳීවි අපි ඈතයි සැමදා... 

ආයෙත් හඬන්න...

No comments:

Post a Comment