ඔබ තරම් - තීක්ෂණ අනුරාධ

ඔබ තරම් පෙම් කල කිසිවෙක් 
නැති තරම් මේ ලෝකයේ කොහෙවත් 
ඔබට මන් ආදරේ බව මෙතරම් 
වැටහුනේ ඔබ වෙන් වී ගිය දා 
ඔය නෙතු හැඬවූ තරම් 
ඔබ පෙම් කෙරු තරම් 
අදහන්නත් බෑ කොහේ තිබුණාදෝ 
මේ තරම් ආදරේ 
මේ තරම් ආදරේ.....

රැය පුරා ඉකි ගසා 
රතට හැරී දෙනුවන් පුරා 
මල් සිනා මැවෙනවා 
ගිලන් වී හද පාරලා 
ආයෙත් ඔබ මට හිමි වේ නම් 
ආත්මයෙන් ඔබ අදහන්නම් 
තවකෙකු හට හිත දී ඇති නම් 
සුභපතලා ඈතට වෙන්නම්....

තනි වෙලා මා ලොවේ 
හිරු නොනගින මේ වසන්තේ 
දිවිතුරා විඳවමී 
අහිමි කරන මගේ ආදරේ 
ආයෙත් ඔබ මට හිමි වේ නම් 
ආත්මයෙන් ඔබ අදහන්නම් 
තවකෙකු හට හිත දී ඇති නම් 
සුභ පතලා ඈතට වෙන්නම්....

ඔබ තරම්.......................

No comments:

Post a Comment