කදුලු කථාවේ - ඩබ්.ඩී.අමරදේව

කදුලු කථාවේ නිමක් දුටුව දා
සිහින ලතාවේ මලක් පිපුන දා...//
සතටු ගඟක් ගැලුවා
හදට හදක් බැදුනා....

ආසිරි චාමර පවන් සැලී
සෝ දුක් සංකා සෙමින් මැකී...//
දෙගුරුන් මිතුරන් සුපැතුම් මැද්දේ
අපේම ලොව අපි තනිවූයේ...

කදුලු කථාවේ....

සුසුමක පාකර හසුන් යවා
දෙතැනක තනිවී හඩා දොඩා....//
ගෙවුනු අතිතෙන් අපි සමු ගන්නෙමු
අලුත් ලොවක රන් කිරුලු දරා...

කදුලු කථාවේ....

No comments:

Post a Comment