නපුරු වෙන්න එපා - චාමර වීරසිංහ

නපුරු වෙන්න එපා කියලා නපුරු නොවී කීවා
දරුනු වෙන්න එපා කියලා දරුනු නොවී කිවා
මා  ආදර මගෙ අම්මා
මා  ආදර අම්මා....
ඇගේ ආදර ලේ කිරි මම රසකර කර බිව්වා
මගෙ ලෝකය මගෙ විශ්වය ගෙදර බුදුන් අම්මා
මා  ආදර මගෙ අම්මා
මා  ආදර අම්මා...

කදුලු බින්දු හංගා මට සුරසැප දුන්නා
රසමසවුලු මට දීලා ඇය නොකාම උන්නා
දරු සෙනෙහස හින්දා අපමන දුක් වින්දා
දුක් කරදර ඇය විදගෙන මට සුවයම දුන්නා
මා  ආදර මගෙ අම්මා...

යන එන තැන විමසා මා පසුපස උන්නා
හිත රිදුනම හිස අතගා දුක් ගින්දර නිව්වා
නිවැරදි මග පෙන්වා ගුරුහරු කම් දුන්නා
ඔබට තියන ණය ගෙවන්න සසරම මදි අම්මා
මා  ආදර මගෙ අම්මා...

නපුරු වෙන්න එපා...

No comments:

Post a Comment