පලංචියේ - සුනිල් එදිරිසිංහ

පලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
එක වාඩියේ කල් ඇරියත් හිත හොදට
ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට...

විරසක් වී රුපුන් ලෙස යුද වදින්නද
කුලුදුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද
පෙම් දම් නිසා මිතු දම් බිද දමන්නන්ද
හොද හිත නුඹේ තරම් ලොවකින් ලබන්නද....

පලංචියේ....

දොඩමලු කතා නෑ අද වාඩිය හෙවනේ
නිදි නැති රැය පුරා නුඹේ සුසුමයි ඇසුනෙ
හොර රහසින්ම එක සුවදක් පැතූ සදිනේ
නුඹවත් නැතිවේද හෙට මට සකි සදුනේ....

පලංචියේ ලී....

No comments:

Post a Comment