අාදරය සුන්දර වරදකි - කරුනාරත්න දිවුල්ගනේ

ආදරය සුන්දර වරදකි
කිසිදා සමාවක්‌ නම් නැති 
මට පෙන්නලා ආලේ හැටි
නුඹ දුන්නු දුක හොඳටම ඇති..


ඉඳුවර නුවන් දෑලේ වැටී පෑහී
දැහැනේ වෙලී උන්මාද වූයේ මා
වෙනකෙකු දිහා බැලුමට යලිත්
මට නෙත් නැතැයි කෙඳිරුවේ කවුරුන්දෝ..

ආදරය සුන්දර වරදකි....

පුළුලුරුතලා වීණා බඳින් දැවටී
රතැඟිලි බැඳී නින්නාදයේ අනුරා
හද ස්‌වර පවා කම්පිත වෙවී
මට මා පවා නැති කලේ කවුරුන්දෝ..

ආදරය සුන්දර වරදකි....

No comments:

Post a Comment