මගෙ ආදර පවසට - ක්‍රිෂාන්ත එරන්දක

මගෙ ආදර පවසට ඔබ
නියං කලට අඩන අහස 
මගෙ ආදර වරුසාවට
යටිකුරු කල කලසකි ඔබ...

මගෙ ආදර සිලිලාරට
‍නෙලුම් පතකි ලදුනේ ඔබ....//
ආදර උල්පත වියලන
ගිම්හානයේ සැඩ හිරු ඔබ...
මගෙ ආදර පවසට...
ගිම්හානය වෙනුවට මම
වස්සානය වී එන්නද...//
ඒ වැස්සෙන් පෙම්වත් වූ
මිහිලිය වී මම එන්නද...
මගෙ ආදර පවසට...

No comments:

Post a Comment