පූජාසනයේ වැඩ - නන්දා මාලීනී

පූජාසනයේ වැඩ හිඳුවා
ඔබට පුදන 
මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ....//

ඉසුරින් කිත් යසසින් බබලන දා
ඔබගේ බැනුමත් ගීයක් වේ
ඉසුරින් කිත් යසසින් පිරිහුනු දා
සිනාසුනත් එය වරදක් වේ.....

පූජාසනයේ වැඩ....

කිරියෙන් පැණියෙන් උතුරා යන කල
ලොව ඔබ පාමුල හඬා වැටේ
අතමිට හිඟ වී බෙල සුන් වන කල
ලොව ඔබ හිස මත කඩා වැටේ.....

පූජාසනයේ වැඩ...

No comments:

Post a Comment