ජැන්ඩි පහට - ඉන්ද්‍රාණි පෙරේරා

ජැන්ඩි පහට ඇඳලා 
අනංගයා වාගේ 
ඔබ යන හැටි දැකලා 
සිත බැඳුනා මාගේ 
ඇයි දැන් නොබලන්නේ 
ඔබ ඉස්සර වාගේ 
වරදක් නැහැ මාගේ 
තරහක් නැහැ මාගේ....

ඔතරම් ආඩම්බර ඇයිදෝ 
ඉවත බලන්නේ තරහයි දෝ 
හිනාවෙලා බලන්නකෝ 
ආදරේ යැයි කියන්නකෝ... 

ජැන්ඩි පහට...

මතක් වෙලා එන බව දනිමී 
එදා මමත් ඔබ මගහරිමී 
මුසා අසා රැවටීලා 
යන්න එපා පිටුපාලා...

ජැන්ඩි පහට...

No comments:

Post a Comment