පිය මැන්නේ - ජය ශ්‍රී

පිය මැන්නේ ඇයිද එසේ 
රිදවාලා ඔබ මසිත මෙසේ
දුර ගවුවේ මා ඉන්නේ 
මතකේ රැදුනා ඒ සිතුවිල්ලේ
සෙවනැලි මාවතේ ඇදි ඒ ජීවිතේ 
රැලි මත සාගරේ මතුවේවා 
සදා ඒ සිහිනේ...

සියුමැලි ඔබෙ වත රැදි ඒ දෙකපුල් කී කතා
ඇසේ සවන් පුරවා මගෙ දැහැනේ 
අත් වැල් බැදගෙන වැල්ලේ ඇදි ඒ රූ රටා 
මැකී ගියා රැල්ලේ නිසල රැයේ....

සිත ගත්තේ නැතුව නොවේ 
සැමදා ඒලෙස බලා ඇයි ඉන්නේ
හද අරනේ රැදුනු සෙනේ 
පුබුදා සොයනු මැනේ හසරැල්ලේ
නැතුවත් මේ බවේ මතු එන ජීවිතේ 
සැමදා ඒ සෙනේ
සතුවේවා සදා....

සියුමැලි ඔබෙ වත රැදි ඒ දෙකපුල් කී කතා
ඇසේ සවන් පුරවා මගෙ දැහැනේ
අත් වැල් බැදගෙන වැල්ලේ ඇදි ඒ රූ රටා 
මැකි ගියා රැල්ලේ නිසල රැයේ....//

No comments:

Post a Comment