සදේ ඔබ ඇයිද - රූකාන්ත ගුණතිලක

සදේ ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැගුනේ
සිතේ දුක හිරු නිවා දැමුවේ
නැතුවද ඔබ දන්නේ
ගිනි හිරු පායා
සොමි සද බැසලා
මගෙ ලොව එලිය වෙලා....//

ඔබ තරු වට කර හිනැහෙන යාමේ
ඈ දුර යහන් ගැබේ
රෑ නොනිදාගෙන වැලපෙන මා හට
ඔබගෙන් කිමද පලේ....

සදේ ඔබ ඇයිද....

සද දෙස බල බල මා පැතු පැතුමන්
මෙතෙකැයි කියන්න බෑ
හිරු මා දැවුවත් මා ලද උනුසුම
අමතක කරන්න බෑ.....

සදේ ඔබ ඇයිද....

No comments:

Post a Comment