ජීවිතේ වස්සානයේ - රොහාන් ශාන්ත බුලේගොඩ

ජීවිතේ වස්සානයේ
හමුවුනේ ඔබ මලක් සේමයි
වසන්තේ....
ජීවිතේ ගිම්හානයේ
බැස ගියේ ඔබ සදක් සේමය
අනන්තේ....
ජිවීතේ....

වෙලී සියොලග සුසුම සේ හිද එදා
අප තැබූ තැන ඇත තාම ඉර හද තාරකා
වෙනස් වී නැත ලෝකයා
වෙනස් වූයේ ඔබේ නොවෙනස්
ඒ සදාතන ප්‍රේමයයි....

ජීවිතේ වස්සානයේ.....

ගිලී සිදු තෙර දැවී ගිය ලොව නිවා
හිරු සිතේ උණුසුම නෙතේ කදුලින් හේදුවා
නිමා වූවද ආදරේ නිමා වී නැත
ඒ නමින් ලද වේදනාවන්
හදවතේ.....

ජීවිතේ වස්සානයේ.....

No comments:

Post a Comment