මධූ - දර්ශන රුවන් දිසානායක

ගිටාරයේ තත් අතරින්
අතීතයට අපි ආයෙත් මොහොතකට යමු
එදා කියන්නට බැරි වුනු අාදරේ තතු
ගීතයකින් ගයන්න මට අවසරයි ‪‎මධු....


කම්මුල මත කෙහෙරැල්ලට හාදුවක් තැබු
පිංවන්තයි සුළඟ වුනත් මට වඩා මධු
නුඹේ කවි තෙපුල් අසමින් මසිත මත් වුණු
එදත් අසරණව හැඩුවා තනියෙන්ම මධු....


තනිකම ඒ මතකේ ඒක්ක කරත් ගණුදෙණු
මැදියම ජිවිතේ තමයි හමු වුණේ මධු
කකියන පපු තුරෙන් නැගි මිහිරි ගී තනු
නොකියන දුක් බර ප්‍රේමය සුන්දරයි මධු....

ගිටාරයේ තත් අතරින්.....

No comments:

Post a Comment