රෑ කළුවරයි - නිර්වාන් ප්‍රබෝද්

රෑ කළුවරයි සිත් පිත් නැති
මා පෙලනු මිස සනසනු බැරි
ඈ මගෙන් වෙන් වී කල්පෙකි
මේ කළුවරයි සිත් පිත් නැතී...//

සිනා කදුලැල් මැවු සිහිනෙක
නිමේෂයකට ඉඩ තියා
දයාවන්තිය ගියා යන්නට
අදුර මා හට පවරලා
මා පෙලනු මිස සනසනු බැරි
මේ කළුවරයි සිත් පිත් නැතී....

සෙනේ වදනින් නිවා මා සිත
තැනු මේ ලොව සුන්දරයි
සිදී ගිය මුත් හදේ අක්මුල්
අතීතෙට මං ආදරෙයි
මා පෙලනු මිස සනසනු බැරි
මේ කළුවරයි සිත් පිත් නැතී....

රෑ කළුවරයි සිත්....


1 comment:

  1. මගේ පොස්ට් එකේදී බොහෝ දෙනෙක් කිව්වා වගේ, නිර්වාන් ඔහුගේම හඬින් ගීතයක් පටිගත කරලා. මේක අහපු මුල් වතාවේ මගේ මතකයට ආවේ බන්දුල විජේවීර ගායකයාව. ඔවුන් දෙදෙනාගේ කටහඬේ සමාන කමක් තියෙනවා. බලමු නිර්වාන්ට පුලුවන්ද කියලා එතුමාගේ අඩුව පුරවන්න.

    ReplyDelete