මං අහස බලන්නම් - නිර්වාන් ප්‍රබෝද්

මං අහස බලන්නම් 
තරු මල් පීදේවී
ඔබ පුංචි තිතක් වී 
නොපෙනී යාවී
මහ පොළවේ මං තනි වේවී..//

මට මතකයි මං ලියූ පෙම් වදන්
ඔබට නොදී
කොල කෑලි ගොඩක් ගිනි තැබුවා මං
ඒ ගිනි පුපුරක් ඉතිරිවෙලා 
මහ පොළොවම ගිනි ඇවිලේවී...

මං අහස බලන්නම්...

ඔබට මතකනම් නෙලූ සල් කුසුම්
සුවද දිදී
හිත කෝල හැගුම් හෙලි කෙරුවා මං
ඒ සුවද පොදක් ඉතිරිවෙලා 
ඔබ යන එන තැන හමුවේවී...

මං අහස බලන්නම්...


No comments:

Post a Comment