දෙනෝදහක් ගැවසෙන සරසවියේ
පාළුව තනිකම දැණෙනවනම්කුටියේ කවුළුව විවර කරනු මැන
සුළඟක් වී ඔබ වෙත එන්නම්....
ඔබ සරසවියක මා පොඩි ගෙපැලක
එක්වන්නට අද වරම් නැතේ...//
එකම පන්තියේ එක ළඟ ඉඳගෙන
පාසල් ගිය හැටි සිතට නැගේ...
දෙනෝදහක් ගැවසෙන...
ඔබ හා අත්වැල් බැඳ ඇවිදින්නට
පෙරුම් පිරූ පාසැල් සමයේ...//
සිල්ප සතර රැඳුණේ නැහැ මා සිත
ඒ හින්දයි අපි දුරස් වුණේ...
දෙනෝදහක් ගැවසෙන...
No comments:
Post a Comment