වේදනා මායා දැලෙන් - ආත්මා ලියනගේ

වේදනා මායා දැලෙන්,
නෙතු වැසී අඳුරේ ඉමේ
ඒ අතීතේ මතකයෙන්
මංමුලාවී මා
පාළු ලෝකේ හෙළු සුසුම්
නෑ ඔබට ඇසුනේ ලඳේ
මා ලසෝගේ හඬවමින්
කඳුල වූ දා ආදරේ...


දෑත ඔබගේ මාගෙ සිරසේ
රඳවලා පැවසූ සෙනේ..//
නිමවුනාදෝ බොඳවුනාදෝ,
තනිකලාදෝ ජිවිතේ
මා පැතුම් ගිලිහි ගියා
වාලුකා කතරේ
පාළු ලෝකේ හෙළු සුසුම්,
නෑ ඔබට ඇසුනේ ලඳේ
මා ලසෝගේ හඬවමින්
කඳුල වූ දා ආදරේ....

සිහින විමනේ ඈත ඉන්නේ
මට කතා කරනා රැයේ...//
සැඟවුනාදෝ යලි නොයේදෝ,
රැගෙන යාදෝ ආදරේ
මා පැතුම් ගිලිහි ගියා
වාලුකා කතරේ
පාළු ලෝකේ හෙළු සුසුම්,
නෑ ඔබට ඇසුනේ ලඳේ
මා ලසෝගේ හඬවමින්
කඳුල වූ දා ආදරේ....

වේදනා මායා දැලෙන්...


mp3 ලින්කුව මෙතනින්

No comments:

Post a Comment